Tuesday, 20 May 2014

ලොව විශාම හා සුපිරිම නිවස - Antilia (building)

මෙි නිවසේ හිමිකරැවා තමයි මුකේෂ් අම්බානි ඔහු මෙි නිවසට දාල තියෙන නම තමයි Antila ගොඩනැගිල්ල. ඉතින් අනීටා තියෙන්නේ ටජ්මහල් පිහිල තියෙන රටෙි ම තමයි. ටිකක් පරණ NEWS එකක් වුනත් නොදන්න අය දැනුවත් කරන්න තමයි අපි POST  එක දැම්මෙ.

මෙන්න ගොඩනැගිල්ලෙ සම්පුර්ණ තොරතුරැ(wikipedia)

Antilia (building)
Antilia.JPG
Antilia as seen from Balughat Road
General information
StatusCompleted[1]
TypePersonal Residential
LocationAltamount Road, off Pedder RoadSouth Mumbai
Coordinates18°58′6″N72°48′35″ECoordinates18°58′6″N 72°48′35″E
Construction started2002
Completed2010
Opening5 February
CostOfficially $50-70m[2]
OwnerMukesh Ambani
Height570 ft (170 m)[3]
Technical details
Floor count27
Floor area37,000 m2(400,000 sq ft)
of living space
Lifts/elevators11
Design and construction
ArchitectPerkins + Will
Structural engineerSterling Engineering Consultancy Pvt. Ltd.
Main contractorLeighton Holdings


බලන්න මේ PHOTOS   ටික


Tuesday, 13 May 2014

බුට් එක සමරන අලුත්ම විදිය




අපේ කාලේ කොල්ලෝ  set එකක සුපිරි නිර්මාණයක් 

මෙන්නන විඩියෝ එක


Friday, 9 May 2014

නීතිඥ උදය ගමිමන්පිල facebook ගැන කතාකරයි

මැයි 08 ලංකාදීප-ප්‍රදීපය තිරැ ලිපිය හරහා ඔහු මෙිසේ   facebook   තහනම                             

ගැන අදහස් ප්‍රකාශ කරයි 

''හොදට නරකට ෙදකටම මුල  කටය යන්න කියමනක් ඇත. කට යහපතට මෙන්ම අයහපතට ද යෙදවිය හැක; නමුත් කට වසා දැමිමට හො දිවක කපා දැමිමට කවුරෑන් හෝ යෝජනා නොකරයි"

"එමෙන්ම පිහියකින් තැඹිලි ගෙඩියක් කපා රෝගියෙක‍ට බීමට දී සුවපත් කිරිම මෙන්ම ඔහුගේ බෙල්ල කපා ඔහුව මැරිමට ද හැකිය,ගින්දර උණුසුම ගෙන ඒමට මෙන්ම,මෙන්ම මරණය ගෙන ඒමටප ද භාවිතා කල හැකිය"

" ජලය සිසිස ගෙන ඒමට මෙන්ම මරණය ගෙන ඒමට භාවිතා කල හැකිය"

.එහෙත් කවුරැන්  හෝ පිහිය,ගින්දර හෝ ජලය තහනමි කිරිමට යෝජනා නොකරයි .
ඒ අයුරින් සමාජය facebook දෙසද බැලිය යුතුයි."


සමිපුර්ණ ලිපිය කියවන්න පහත  එක භාවීතා කරන්න
https://www.facebook.com/media/set/?set=a.10152389058944253.1073741917.56427674252&type=1

Monday, 5 May 2014

ගුවන් කාලය කියන්නේ පොත් කියවන වෙලාවක් නෙවෙයි’

හීන ඇහිඳීන යාළුවෝ සමඟ දෙරණට එන උපුල් ශාන්ත සන්නස්ගල සමඟ කතාබහක්
27 ඉරිදා සිට සෑම ඉරිදාම රාත්‍රී හතේ ඉඳන් නවය වෙනකම් අපි හීන ඇහිඳිමු
ඔහු කදිම රසවතකු පමණක් යැයි කියා සටහන ඇරැඹීමට මසිත ඉඩ නොදෙයි. නිරතුරුවම මා ඔහු හඳුන්වන්නේ බහු චරිතධාරියකු ලෙසිනි. ගීත රචකයකු, විචාරකයකු, කවියකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු, පොත් ප්‍රකාශකයකු, නවකතාකරුවකු මෙන්ම සුවහසක් දරුවනට වීරයකු වන හෙතෙම කදිම නළුවකු බව ද ලියා තැබීම වටියි. අපේ සිංහල පන්තියේ මනමේ කතාව ඔහු කදිමට නිරූපණය කරමින් රඟන අයුරු මට අදට ද මතකය.
එදා සිටම හෙතෙම වෙනසක් කිරීමට වෙහෙසෙන අපූරු මිනිසෙකි. වෙනස තුළ අපරාජිත ගමනක යෙදෙන මේ අපූරු මිනිසා ප්‍රේක්ෂකයා, පාඨකයා හෝ ශ්‍රාවකයා සොයන රසය කදිමට හඳුනා ගැනීමේ ඉවක් ඇති රසවතෙකි. ඒ නිසාම ඔහු බිහි කළ නිර්මාණ ගොන්න සර්වකාලීන රස වින්දන මාධ්‍යයකි.
මේ ඒ සොඳුරු මිනිසාගේ අලුත්ම නිර්මාණ කටයුතු සොයන මොහොතයි. එන්න . . . අපි උපුල් ශාන්ත සන්නස්ගලගේ සුන්දර සිතිවිලි කියවමු.
කලකට පසුව ඔබ හමුවන්නේ අලුත්ම ආරංචියකුත් එක්ක. නවමු තාලයේ ගුවන් විදුලි වැඩ සටහනකට සූදානම් බව දැනගන්නට ලැබෙනවා?
ඔව්. 27 ඉරිදා ඉඳන් හැමදාම රාත්‍රියේ හතේ ඉඳන් නවය වෙනකල් දෙරණ ගුවන් විදුලියේ ගුවන් අවකාශය මං යොදා ගන්නවා අලුත්ම තාලයේ ගීිතමය වැඩසටහනකට. හීන ඇහිඳීන යාළුවෝ තමයි වැඩසටහනේ නම. මේක ජනප්‍රිය ගීත මල්ලකින් තෝරා ගත්ත රස ගීත ඇහෙන හෝරා දෙකක්. ගීත අහන, විඳින සොයන හැමෝටම මේ හෝරා දෙක තමන්ගේ හදවතට දැනෙන්නට ගීත විඳින්නට යොදා ගත හැකි වේවි කියලා මං හිතනවා.
මීට පෙර මේ ආකෘතියේ වැඩසටහන් අපට හමු වෙනවා?
ඔව්. ගුවන්විදුලියේ ගීතමය වැඩසටහන් ඕනෑ තරම් ඉතිහාසයෙන් අපට හමු වෙන බව ඇත්ත. නමුත් මට තිබෙනවා මා විසින්ම සකසා ගත් අනන්‍යතාවයක්. මේ වැඩ සටහන කාගෙවත් වැඩ සටහනක ඡායා පිටපතක්වත් කොපියක්වත් නෙවෙයි. ඒක මං වගකීමෙන් කියන්නේ. ඒ වගේම වෙනත් ගුවන් විදුලි නාළිකාවක විකාශය වන වැඩ සටහනක කොපියක් විදියට මේ වැඩ සටහන කරන්න මට උවමනා නැහැ. මොකද මට ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ තනාගත් අනන්‍යාතාවයක් තිබෙනවා. ඒක මේ රටේ රසවතුන් හොඳින්ම දන්නා කරුණක්. ඒ නිසා මගේ අනන්‍යතාව ප්‍රකාශ කරන වැඩසටහනක් මිසක් මිට පෙර වැඩ සටහන්වල අනුප්‍රාප්තිකයා ලෙස මං මේකට සම්බන්ධ වෙන්නේ නැහැ.
අනෙක මං මීට පෙර ගුවන් විදුලි නාලිකාවක සන්නස්ගල සමඟ ආදරේ එක්ක තුන්පැයක් කියලා වැඩ සටහනක් කළා. මං දන්නවා ඒ වැඩසටහන හරහා මට විශාල ප්‍රේක්ෂකයන් ගොන්නක් ඉන්නවා. මේ වැඩ සටහන මගේ අලුත්ම අත්හදා බැලීමක් නෙවෙයි. පෙර වැඩසටහනට නවමු මුහුණුවරක් ලබාදීමක් තමයි මේ සිදු වෙන්නේ. ආදරෙත් එක්ක තුන් පැයක් හිටි හැමෝටම මේ දෙපැය ඇතුළත ඒ රහ විඳින්න හැකි වේවි කියලා මං හිතනවා.
අද වන විට ගීතය දෘෂ්‍යමාධ්‍ය අතට හැරිලා අවසානයි. ඒ නිසාම බොහෝ දෙනා දැන් රූපවාහිනියත් සමඟ ගනුදෙනු කරන කාලයක ගුවන් විදුලි වැඩ සටහනකට තිබෙන ඉඩ කොහොම වේවිද?
මං හිතනවා අප යමකට පරාජය වුණොත් ඒ පරාජය විඳ දරා ගැනීමේ පුරුද්දක් අපේ සමාජයේ තියෙනවා. උදාහරණයක් විදියට රූපවාහිනිය විසින් සිනමාව ගිල ගන්නවා යයි මතයක් හැදුණාම බොහෝ දෙනා සිනමාව අත හැරලා රූපවාහිනියට නාට්‍ය කරන්නට පටන් ගත්තා. හැබැයි කිසිම රූපවාහිනී නිර්මාණයකට සම්බන්ධ නොවී සිනමාවේම රැඳිල ඉන්න පිරිසක් ඉන්නවා. මං හිතන්නේ ඒක අනන්‍යතාවය සහ තරගකාරිත්වයක්. ලෝකයට රූපවාහිනිය ආව කියලා සිනමාව නැති වුණේ නැහැ. තවත් උදාහරණයක් කියනවා නම් ලංකාවේ ගායක ගායිකාවෝ හිතුවා නං සුපර් ස්ටාර්ලා ආවම තමන් ඉවරයි කියලා. ඒක පරාජයක්. හැබැයි අපි අපේ ක්ෂේත්‍රය තුළ තමන්ගේ ප්‍රකාශනය සජීවව ඉදිරිපත් කළ යුතුයි. පරාජය වූ ගමන්ම මෘත දේහ බවට පත් වෙනවා. ඒ නිසා මං තවමත් ගුවන් විදුලිය පරාජිත මාධ්‍යක් විදියට පිළිගන්නේ නැහැ. අපි මෘත දේහ බවට පත් නොවී එය සජීවිකරණය කළ යුතුයි. රූපවාහිනිය කියන්නේ වෙනම අනන්‍යතාවයක් තියෙන මාධ්‍යයක්. ගුවන් විදුලිය කියන්නේ වෙනම අනන්‍යතාවයක් තියෙන මාධ්‍යයක්. මේ දෙකේ අනන්‍යතා ලක්ෂණ වෙනස්. රූපවාහිනිය, ගුවන් විදුලි නාළිකා ආව කියලා ලංකාවේ පත්තර කියවන පිරිස අඩු වුණේ නැහැ. මේ එකකින් එකට වෙනස් වූ කාරණා තිබෙනවා. මං හිතනවා ගුවන් විදුලියට වෙනමම ග්‍රාහක පිරිසක් ලංකාවේ ඉන්නවා කියලා.
මේ සංගීත වැඩ සටහනේ ආකෘතිය ගැන කතා කරමුද?
මේ වන විට ගුවන් විදුලි වැඩ සටහන්වල මම දකින ඛේදනීය ඉරණම තමයි මේ නිවේදක නිවේදිකාවන්ගේ ප්‍රශ්නය. නිවේදක, නිවේදිකාවෝ හිතනවා තමන් හැකි තරම් කතා කිරීම තමයි යහපත් සන්නිවේදකයාගේ කාර්යය කියලා. නමුත් මං හිතනවා වාචාලකම අවම කර ගැනීම තමයි යහපත් සන්වේදකයාගෙ කාර්යය කියලා.
උදාහරණයක් විදියට ඇතැම් නාලිකාවල ආරාධනා ලබලා අමුත්තෙක් ආවම ඔහුට හෝ ඇයට වෙන්නේ නිවේදකයාගේ හෝ නිවේදිකාවගේ කතාවලට අලගු තියන්නට විතරයි. සන්නිවේදකයා අමුත්තා කිවයුතු සියල්ලම කියලා එහෙම නේද කියලා ඇහුවම ආරාධිතයාට කියන්න වෙන්නේ ‘ඔව්’ කියන උත්තරේ විතරයි. සන්නිවේදකයාගේ විස්තර විකාශය මැද ගුවන් අවකාශයේ අමුත්තා කතා කරලා තියෙන්නේ විනාඩි කිහිපයයි. ඇත්තමයි, ඔව්, සහතික ඇත්ත, නැතුව, හරියට හරි ඔය වගේ කෙටි උත්තර තමයි ආරාධිතයාගෙන් ලැබෙන්නේ. මොකද ආරාධිතයා කිව යුතු දේ කියන්නේ සන්නිිවේදකයා. ගුවන් විදුලි වැඩ සටහන්වල වෙන සුලභ කාරණාවක් මේක. සමහර වැඩසටහන්වල ගීතයේ නිර්මාණකරුවා ඒ වැඩ සටහන්වල තඹේකට මායිම් කරන්නේ නැහැ. නමුත් නිවේදකයා ශ්‍රාවකයාට පල් හෑලි ගොඩක් කියනවා. ගෙදර ඉන්න බල්ල කළු ද, සුදු ද, කන්නෙ මොනවද, දම්වැල රත්තරන් ද, පටිය හම් ද ඕව තමයි කතා කරන්නේ. නමුත් අර ගීතය නිර්මාණය කරන උදවිය ගැන කතා කරන්න තත්පර දහයක් වැය කරන්නේ නැහැ.
තවත් ඛේදවාචකයක් තමයි ගීතය විනාඩි තුනයි. ගීතය ගැන දේශනය විනාඩි දහයයි. මේක අපේ ගුවන් විදුලි නාළිකාවල වෙනවා. මිනිස්සු එන්නේ ගීත අහන්න. මං ගීතයක් ගැන විනාඩි පහළොවක් කතා කරලා හරි යන්නේ නෑ. මං ඒ වන විට ක්‍රමයක් හදාගන්න ඕනෑ විනාඩියකින් දෙකකින් ගීතයේ අදහස තීව්‍ර වන කතාවක් කිරීමට. මං බලාපරොත්තු වෙන්නේ තෝරා ගත් ගීතය ගැන රස වින්දනය තීව්‍ර කරන අදහසක් දෙනවා මිස ගීත ගැන විග්‍රහයක් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒකට මං ගීත රසාස්වාදන පොතක් ලියනවා. නැතුව ගුවන් කාලය ගීත රසාස්වාදන පොත් කියවන වෙලාවක් නෙවෙයි. ඒ වගේම ගීතවල නැති රස උලුප්පවා ශ්‍රාවකයා නොමඟ යැවීමට මං ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ ගීත ගොන්නට ලෝකයේ ඕනෑම සංස්කෘතියක ගීත ඇතුළත් වෙන්න පුළුවන්. විශ්වීය ගීත මල්ලේ රසම ගීත තමයි මා තෝරා ගන්නේ.
මෙවැනි වැඩ සටහන් ලංකාවේ ඕනෑ තරම් ඇරැඹුණා. නමුත් ටික කලකින් ඒවා අපට අසන්නට ලැබුණේ නැහැ. මේ වැඩ සටහනට කාල පරාසයක් තියනවාද?
තිබෙනවා. අනිවාර්යයෙන්ම තිබෙනවා. මේකෙ දෙවැනි කොටස පටන් ගත්තම ඒක සීසන් 2 වෙන්න පුළුවන්. ඒත් මේකට අපි කියන්නේ නෑ සීසන් වන් කියලා. මට යාවත්කාලීක වෙලා තෙහෙට්ටුවෙන් අත් මිදිලා නැවුම් වෙන්න කාලයක් අවශ්‍යයි. ඒ කාලය අපට නාඩිවලට දැනෙනවා. එතකොට කෙටි විවේකයක් ලබා ගන්න මං බලාපොරොත්තු වෙනවා.
මං නවැත්තුවම ඇතැම් ජනප්‍රිය වැඩසටහන් ඒකෙ කොපිය අරගෙන ගියා. මගේ කටහඬ පවා අනුකරණය කළා. මං කියන්නේ කොපි කරන්න එපා. අනුකරණය කරන්න එපා. ආභාෂය ලැබුවට කමක් නැහැ.
අවසානයේ මට කියන්න මේ වැඩ සටහනේ ඔබ පෙනී සිටින්නේ ගීත රචකයෙක් විදියට ද?
නැහැ. මං මේ වැඩ සටහනේ පෙනී සිටින්නේ රස දන්න රසවතෙක් විදියට.